20th July 2024 22:12:26 Hours
විශ්‍රාම ලබන යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මුලස්ථානයේ දී 2024 ජූලි මස 12 දින පවත්වන ලදී.
ප්‍රධාන දොරටුව වෙත පැමිණි විධායක ජෙනරාල්තුමන් 1 විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී.
අනතුරුව හිටපු විධායක ජෙනරාල්තුමන් විසින් භට පිරිස් අමතා සියලු නිලයන් වෙනුවෙන් පැවැත්වූ තේ පැන් සංග්‍රහයකට එක් වූයේය. අනතුරුව, නිලධාරීන් සහ සෙසු නිලයන් විසින් ප්‍රධාන දොරටුව වෙත ඇති මාර්ගය දෙපස දී හමුදා සම්ප්‍රදායානූකූලව එතුමන් වෙත සුභාශිංසන පිරිනැමූහ. නිලධාරි නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකින් දවසේ වැඩකටයුතු අවසන් විය.