20th July 2024 14:12:21 Hours
‘සන්නාහ සන්නද්ධ සම්මන්ත්‍රණය - 2024’ “අනාගත ප්‍රත්‍යන්ත සකස් කිරීම ඇගයීම සහ නවෝත්පාදන හරහා සන්නාහ සන්නද්ධ බලකාය සවිබල ගැන්වීම” (Forging Future Frontiers: Empowering Armor through Evaluation and Innovation) තේමාව මුල්කර ගනිමින් 2024 ජූලි මස 19 දින රොක් හවුස් කඳවුරේ ‘සන්නද්ධ බලකා නිවස්නය’ (Cavalry Mess) දී පවත්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනිය අමුත්තෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගි වූ අතර එතුමන්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්. ඩබ්. එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිපී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සහභාගී විය.තවද, සම්මන්ත්‍රණය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් සහභාගී විය.
එම බලකායේ සටන් බලය ඇගයීම, තාක්ෂණික දියුණුව ගවේෂණය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව හා මානව සාධක වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම සබැදීව නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම මඟින් අනාගත ජාතික ආරක්‍ෂාවට බලපාන තර්ජන වලක්වා ගැනීම මෙම සම්මන්ත්‍රණයේඅරමුණ විය.
සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගීතය සහ සන්නාහ සන්නද්ධ බලකා ගීතය ගායනා කිරීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, සම්මන්ත්‍රණයට අදාළ වාර්තාමය වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරිණි. ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති තුමන් සම්මන්ත්‍රණයට සහභාගි වූවන් පිළිගත් අතර අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කතානායක ජෙනරල් ජේ. ජයසූරිය (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී දේශන පවත්වන ලදී.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන කතානායක වෙත සමරු තිළිණ ප්‍රධානයක් සිදු කරන ලදී. අනතුරුව සම්භාවනීය අමුත්තන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනිසිටියේය