19th July 2024 14:41:04 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ කොළඹ පිහිටි යුද්ධ හමුදා මූලික රෝහලේ 2024 ජූලි මස 18 දින නිල සංචාරයක නිරත විය.
රෝහල් පරිශ්‍රය වෙත සැපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කාර්ය නියුතු යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත්න, යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී. රත්නායක ආර්එස්පී, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොනරාගල යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් රෝහල් පරිශ්‍රයේ වාට්ටු අංක 05, 08, 09, 15, 16, 17, 18, බෙහෙත් ශාලාව ඇතුළු විවිධ අංශ සහ නවාතැන් පහසුකම් සඳහා වෙන්කර ඇති සෙසු නිල භටනිවාසය, බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය නිරීක්‍ෂණය කළේය. අනතුරුව, එතුමන් සෙසු නිල මුළුතැන්ගෙය, මෝටර් රථ ප්‍රවාහන අංශය සහ රෝගීන්ගේ සලාක ගබඩාව නිරික්‍ෂණය කරමින් රෝගීන් සඳහා ප්‍රශස්ත සේවාවක් ලබාදීමට එහි නිසි ක්‍රියාකාරිත්වය සොයාබලන ලදී. රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරමින් පවතින මහල් 15 කින් යුත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුද යුද්ධ හමුදාධිපතිතුමන් නිරීක්ෂණය කළේය.
සිය සංචාරයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී සියලු නිලයන් ඇමතූ අතර, කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරෑපයකට පෙනිසිටීමෙන් අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූයේය. එතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමෙන් පසුව සංචාරයේ වැඩකටයුතු නිමා විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ.දොලගේ යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි, අධ්‍යක්‍ෂ ජනරාල් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.එන්.ජේ. ආරියසේන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.