Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2024 20:37:09 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරී අරඹයි

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී 2024 ජූලි මස 16 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති කෙටි උත්සවයකින් සිය රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

ප්‍රධාන දොරටුව වෙත සපැමිණි නව සේනාංකාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් සේනාංක මූලස්ථානයේ ස්ථාපිත ස්මාරකය වෙත පුෂ්පෝපහර පුදකිරීමේන් අනතුරුව, 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

එතුමන් බෞද්ධ, කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සංකේතවත් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබිම සිදුකල අතර, ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව, එතුමන් සියලු නිලයන් අමතමින් කැපවීම හා විනය පවත්වා ගැනීම පිලිබඳව අවධාරනය කරන ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපනය කිරීමෙන් පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය. අනතුරුව, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බලප්‍රදේශයේ කාර්ය භාරය, ඊට අදාල කර්තව්‍යයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.