18th July 2024 20:49:55 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.බී.ජි.එම්.එල් රොද්‍රගෝ ආර්එස්පී පීඑස්සී අයිජි 2024 ජූලි මස15 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව, 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත පැමිණි ආඥාපති තුමන් 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති උණුසුම් අයුරින් පිලිගැනීමෙන් අනතුරුව, 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.
මෙම සංචාරය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකටපෙනී සිටි සේනාංකාධිපතිතුමන් භට පිරිස් ඇමතීමෙන් අනතුරුව, සංචාරය නිමාකරමින් සියලු නිල තේ පැන් සංග්‍රයකට ද සහභාගි විය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගි වූහ.