Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2024 14:01:56 Hours

12 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී. ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ධූරයේ රාජකාරී අරඹයි

මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමේන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබා නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම අනතුරුව, සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. එතුමන් නිලධාරි සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් තම ඉදිරි දැක්ම පිළිබඳව දැනුවත් කිරීමේන් අනතුරුව, දවසේ වැඩකටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද එක්වූහ