Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2024 13:48:43 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපතිතුමන් වෙත ගෞරවාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත යුද්ධ හමුදා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජුලි මස 11 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ප්‍රධාන දොරටුව වෙත සැපැමිණි විශ්‍රාමයන බලකාධිපති තුමන් රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්වෙත ගෞරව දැක්වීම වෙනුවෙන් රණවිරු ස්මාරකය වෙත විශ්‍රාමයන බලකාධිපති තුමන් පුෂ්පෝඋපහර දැක්වීය අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබීය

එතුමන් රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන්, අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ දී එදින රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එම අවස්ථාවට රෙජිමේන්තුවේ නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් සහභාගී වූහ.