Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2024 10:48:10 Hours

විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

වසර 34ක සේවාකාලයක් සපුරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ජූලි මස 15 දින පවත්වන ලදී.

එතුමන් වෙත එම රෙජිමේන්තු සරඹ භූමියෙදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරමින් දවසේ වැඩකටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විශ්‍රාම දිවියට පාතබන ජ්‍යෙෂ්ඨ නිලධාරිවෙත හා එතුමන්ගේ පවුලේ සාමාජිකයන්හට තම කාර්යාලයට ආරාධනා කරමින් සිය සුභ පැතුම් පිරිනමනු ලැබීය.

සමුගැනීමේ සම්ප්‍රදායික අවස්ථාවක් ලෙස එම රෙජිමේන්තු නිලධාරි නිවස්නයේ දී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සුහද තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව, ඉංජිනේරු රෙජිමෙන්තු නිලධාරින් සහ ඔවුන්ගේ භාර්යාවන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරිවෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර බලකාධිපතිතුමන් විසින් මේජර් ජෙනරෙල් පී.පී.ඒ පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී ගේ සේවය අගයමින් සමුදීමේ කතාව පවත්වන ලදී. අනතුරුව, තමසේවාකාලය පුරාවට බලකාධිපතිතුමන් සහ සියලු නිලයන් විසින් ලබාදුන් නොමද සහයවෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය