17th July 2024 16:15:18 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී 17 වැනි ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු ලෙස 2024 ජූලි මස 15 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් යුද්ධ හමුදා මූලස්ථානයේ දී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
ඉන් අනතුරුව, ප්‍රධාන ක්ෂේත්ර ඉංජිනේරු තම ඉදිරි ධූර කාලය තුල දී තම දැක්ම සහ අපේක්ෂාවන් බෙදා ගනිමින් නිලධාරීන් සහ සෙසු නිලයන් ඇමතීය.
මෙම අවස්ථාවට ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද සහභාගි වූහ.
මෙම පත්වීමට පෙර එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපල හා භඨ නිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයේ රාජකාරි හොබවනු ලැබීය.