17th July 2024 15:00:43 Hours
59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජූලි මස 15 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 6 ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් ඉන් අනතුරුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
නව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් සොල්දාදුවන්ගේ විනය ඉහළ මට්ටමින් පවත්වාගැනීමේ වැදගත්කම සහ ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ පැහැදිළි කළේය. ඉන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය.
අනතුරුව නියෝජ්‍ය සේනාංකාධිපති, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් සම්බන්ධිකරණ සහ කර්නල් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සේනාංකයේ කාර්යභාරයන්, වගකීම්, භටපිරිස් ස්ථානගතවීම්, බළප්‍රදේශය තුල ක්‍රියාන්විත සිදුකරන ආකාරය සහ 59 පාබල සේනාංකයේ ඉදිරි සැළසුම් පිළිබඳ සේනාංකාධිපති තුමන් දැනුවත් කරණ ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද එක්වූහ.