17th July 2024 08:30:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා අය වැය හා මුදල් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ. අබේසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 18 වැනි බලකාධිපති ලෙස පත් කරන ලද අතර, එතුමන් 2024 ජූලි මස 15 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව තම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ප්‍රධාන දොරටුව වෙත සැපැමිණි බලකාධිපති තුමන් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්වෙත ගෞරව දැක්වීම වෙනුවෙන් රණවිරු ස්මාරකය වෙත බලකාධිපති තුමන් පුෂ්පෝඋපහර දැක්වීය අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කරනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් තම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සියලු නිලයන් සමඟින් තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර අනතුරුව, එතුමන් භට පිරිස් ඇමතීම සිදු කරන ලදී.