Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2024 16:30:00 Hours

කොකාවිල් සංග්‍රාමයේ දිවිපිදූ රණවිරුවන්ගේ 34 වැනි ගුණානුස්මරණය පවත්වයි

කොකාවිල් ප්‍රදේශයේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ 34 වැනි ගුණානුස්මරණය 2024 ජූලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අභියස දී පැවැත් විණි.

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතාන් එස්.යූ. අලදෙණිය (දිවංගත) පීඩබ්ලිව්වී 1990 ජුලි 11 වන දින අවසන් හුස්ම මව්බිම වෙනුවෙන් හෙළන තුරු සහෝදර සොල්දාදුවන් සමඟින් සතුරාට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තම ජිවිතය පූජාකිරීම වෙනුවෙන් පරම වීර විභූෂණ (PWV) සම්මානයෙන් පිදුම් ලබන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. අනතුරුව එතුමන් ස්මාරකය වෙත පුෂ්පෝඋපහාර දැක්වීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සෙසුනිලයන් සහ මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් ද පුෂ්ප උපහාර දැක්වූහ.