Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2024 08:37:40 Hours

22 පාබල සේනාංකය සේරුවාවිල රජමහා විහාරස්ථානයේ සෙල්ලිපි සංරක්ෂණය කිරීමට සහය වේ

කැලණිය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සේරුවාවිල ප්‍රාදේශීය සභාව සහ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව සේරුවාවිල මංගල රජමහා විහාරයේ පෞරාණික සෙල්ලිපි ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර උපදෙස් මත 22 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 ජූනි මස 26 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා මෙම වැඩසටහන සඳහා සහය දක්වන ලදී.

මෙයට අමතරව සේරුවාවිල මංගල රජමහා විහාරයේ නිකිනි පෙරහැරට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංස්කෘතික තොරතුරැ රාෂියකින් සමන්විත ග්‍රන්ථයක් එළි දැක්වීමට නියමිතව ඇත මෙම ග්‍රන්ථයේ ප්‍රදේශයේ වැදගත්කම හා ශිලා ලේඛන නාමාවලියක් ඇතුළත්කර ඇත.