17th July 2024 08:33:33 Hours
නවතමයෙන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2024 ජූලි මස 16 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.
මෙම හමුව සඳහා මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.එන්. හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී, මේජර් ජෙනරල් ඊ.එම්.ජී.ඒ. අඹන්පොල සහ මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමමින් නව නිලය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය. නව නිලයට උසස් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනීසිටියහ.