16th July 2024 18:37:08 Hours
යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
ඉන් අනතුරුව, එතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් ඉදිරියේ දී නව අධ්‍යක්‍ෂ ලෙස සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් තම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස ධූරයේ රාජකාරි කිරිමේ දී තම ඉදිරි දැක්ම සහ ඉලක්ක පිළිබඳ සැකෙවින් සඳහන් කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන් ඇමතුවේය.