Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2024 12:17:27 Hours

යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්‍යක්‍ෂ ලෙස සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් තම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම පත්වීමට පෙර එතුමන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ධූරය හොබවා ඇත. මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.