16th July 2024 12:05:50 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී 2024 ජූලි මස 15 දින ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් තම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
මෙම පත්වීමට පෙර එතුමන් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි හොබවා ඇත. මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.