Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2024 13:47:43 Hours

මව්බිම වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් ගාමිණී කුලරත්න පීඩබ්ලිව්වී ගේ ගුණ සැමරේ

අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් 1991 ජුලි මස 14 දින දිවි පිදූ කෝප්‍රල් ගාමිණී කුලරත්න පීඩබ්ලිව්වී ගේ 33 වැනි ගුණානුස්මරණ වෙනුවෙන් එතුමන්ගේ ස්මාරකය අභියසදී 2024 ජූලි මස 14 දින ගුණ සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය. ඓතිහාසික අලිමංකඩ සටනට සහභාගී වූ එකම නිලධාරියා වන මේජර් ජෙනරල් නානායක්කාර විසින් කෝප්‍රල් කුලරත්නගේ ස්මාරකයේ ඇති ගිනි සිළුව දැල්වීමෙන් අනතුරුව පුෂ්ප උපහාර දැක්වීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි විය. උත්සවයේ වැඩකටයුතු සමාප්තිය සනිටුහන් කරමින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් ගාමිණී කුලරත්න පීඩබ්ලිව්වීගේ මව වන වයි.ජී. ජුලියට් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද උපහාර දැක්වූහ.