Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2024 11:51:31 Hours

නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ පූජෝත්සවයට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ජූලි මස 15 දින සහභාගී වූහ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් සමඟින් එතුමන්ගේ භාර්යාව වන චිත්‍රානි ගුණරත්න මහත්මිය සහභාගි වූ අතර, මෙම පූජෝත්සවයේ මූලාසනය පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ හිමියන් හෙබවූහ.

පූජෝත්සවය සඳහා සහභාගී වූ බැතිමතුන් පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව,පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගේ ප්‍රධාන අනුශාසනාවෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් සභාව අමතන ලදී. අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී එම පූූජෝත්සවයේ වැදගත්කම අවධාරණය කළේය.

මහා සංඝරත්නය ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගි වූහ