15th July 2024 16:11:14 Hours
10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව 2024 ජූලි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවන් ශක්තිමත් කිරීමේ අරමුණු කරගනිමින් මෙම සමුළුව පවත්වනු ලැබීය.
ඉන්දු - ශ්‍රී ලංකා හමුදාමය සහයෝගිතාවය ඉහල නැංවීම අරමුණු කරගනිමින් සිව් දෙනෙකුගෙන් යුත් ඉන්දීය නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. එම දූත පිරිසට මේජර් ජෙනරල් සී.එස් දෙව්ගන් වයිඑස්එම් ඒඩීජී එම්අයි (ඒ) (C.S Dewgun YSM, ADG MI (A) ), කර්නල් නිතින් යාදවා (Colonel Nitin Yadava), කර්නල් ඩීසීඩී (ඒ), කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් (Captain M. Anand) සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ඩී. එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. දෙරටෙහි සන්නද්ධ හමුදාවන්ට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරිණී. එහිදී, පුහුණු වැඩසටහන්, ද්විපාර්ශ්වික සංචාරයන් සහ යුද්ධ හමුදා දෙකෙහිම ක්‍රියාන්විත හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් උපකරණ ලබාගැනීම වැනි කරුණු පිළිබඳ එහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.
මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.