12th July 2024 20:14:19 Hours
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි මස 12 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායකතුමන් වෙත සිය සුබපැතුම් පිරිනැමීය. මෙම සාකච්ඡාවේදී එම විද්‍යාලයේ පුහුණු ක්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.