12th July 2024 20:16:51 Hours
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් 2024 ජුලි මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ඇගයීමට ලක්කළ අතර, ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී අභියෝගාත්මක අවස්ථාවන්හිදී දැක්වූ කැපවීම සහ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පුදකළේය. සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.
යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්.ආර්. ආර්. වී. එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලි ව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 31 ඒ යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බඳවාගනු ලැබීය. දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කළ එතුමන් දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 අප්‍රේල් මස 05 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2024 ජූලි මස 13 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති යන ධූරයන් හෙබවීය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියන්ගොඩ ආර්ඩබ්ලි ව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සේවා කාලය තුළ එතුමන් 1 විශේෂ බලකායේ ඛණ්ඩ අණදෙන නිලධාරි, 1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලඝණ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කණ්ඩායම් භාර නිලධාරී, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ත්‍රිවිධ හමුදා නියෝජ්‍ය අණදෙන නිලධාරි, 10 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), යුද්ධ හමුදා පුහුණු අණසක කර්නල් (උපායමාර්ගික සහ මූලධර්ම), දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරි, 511 පාබල බලසේනාවේ බලසේනාධිපති, 512 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලයේ සහකාර යුද සේවා ලේකම් 3, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලයේ සහකාර යුද සේවා ලේකම් 2, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
යුද්ධ හමුදා සේවා කාලය තුළ දැක්වූ නිර්භීත ක්‍රියාකලාපය හේතුවෙන් එතුමන් වෙත රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම (6 වරක්) පිරිනමා ඇත.
එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළ විශේෂ බලකා මූලික පාඨමාලාව, විශේෂ බලකා උසස් පාඨමාලාව, ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, සාමසාධක ක්‍රියාන්විත පෙර පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීති හා මානව හිමිකම් මූලික උපදේශක පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂක පාඨමාලාව, කමාන්ඩෝ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, ඉලෙක්ට්‍රොනික උපදේශක නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, සංග්‍රාමික කණ්ඩ අණදෙන නිලධාරින්ගේ පාඨමාලාව - ඉන්දියාව, හමුදා ප්‍රේරක පුහුණු පාඨමාලාව - හයිටි සහ ජාතික ආරක්‍ෂාව හා යුද පාඨමාලාව - පාකිස්ථානය වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් එතුමන් හදාරා ඇත.
එතුමන්ගේ හමුදා දිවිය තුළදී එතුමන් මහනුවර තාක්‍ෂණික අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ආයතනයේ ප්‍රමාණ සමීක්‍ෂණය පිළිබඳ තාක්‍ෂණික ඩිප්ලෝමාව, රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපදා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, පකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ප්‍රංශයේ Ecole Supérieure Robert de Sorbonne හි Ph.D Philosophiae Doctor in Disaster Management ආචාර්ය උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රී පාලී මණ්ඩපයේ ආරක්‍ෂක මාධ්‍ය හා සන්නිවේදන පාඨමාලාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ GIS සහ යෙදවුම් පාඨමාලාව සහ මොරටුව විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලා කිහිපයක් ද හදාරා ඇත.