Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2024 06:17:49 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2024 ජූලි මස 10 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම හමුව සඳහා මේජර් ජෙනරල් ආර්.එම්.පී.එස්.බී රත්නායක එන්ඩීසී, මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී රාජපක්‍ෂ ආර්එස්පී, මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, මේජර් ජෙනරල් වී.ඩී.එස් පෙරේරා, මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී, මේජර් ජෙනරල් එස්.ඒ.එන් ආරියසේන සහ මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත පිරිනමමින් නව නිලය වෙනුවෙන් සුබපැතුම් එක් කළේය. නව නිලයට උසස් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පුදකළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකටද පෙනීසිටියහ.