Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2024 07:53:14 Hours

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නව සභාපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ 16 වන සභාපති ධූරයේ රාජකාරී භාරගත් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) 2024 ජූලි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන්, ලුතිනන් කර්නල් සියඹලාපිටිය (විශ්‍රාමික) ගේ නව ධූරය වෙනුවෙන් සිය සුභපැතුම් එක්කළේය. එහිදී, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා මුක්ත භටපිරිස්හි දායකත්වය පිළිබඳව ආවර්ජනය කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ පරිපාලන සහ සුභසාධන කටයුතු වෙනුවෙන් විසඳුම් ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය. එමෙන්ම, එම සාමාජිකයින් වෙනුවෙන් පෙනීසිටීමේදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) 2018 වසරේ සිට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන ලේකම් ධූරය හෙබවීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සේවා මුක්ත භට සංගමයේ නව සභාපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.