Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2024 07:55:20 Hours

10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට සමගාමීව ඉන්දීය හමුදා නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

10 වන ඉන්දියානු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාවට සමගාමීව, මේජර් ජෙනරල් සී.එස් දෙව්ගන් වයිඑස්එම් ඒඩීජී එම්අයි (ඒ) (C.S Dewgun YSM, ADG MI (A)) ගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල ඉන්දීය හමුදා දූත පිරිසක් 2024 ජූලි මස 9 දින, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

එම දූත පිරිසට කර්නල් නිතින් යාදවා (Colonel Nitin Yadava), කර්නල් ඩීසීඩී (ඒ), ඉන්දීය නාවික හමුදාවේ කපිතාන් එම්. ආනන්ද් (Captain M. Anand) සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වූහ.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් වසර ගණනාවක් මුළුල්ලේ දෙරටෙහි ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සහයෝගීතාවය තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමේ සහ පුහුණු වැඩසටහන් හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැමිණ සිටි දූත පිරිස සහ යුද්ධ හමුදාධිපතිතුමන් ඡායාරූප කිහිපයක් සඳහා පෙනීසිටි අතර, එහිදී ඉන්දියානු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පුදකළහ. සුහඳ හමුව සමාප්තියේදී, දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු සහභාගී වූහ.