05th July 2024 14:31:20 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අරුණ දර්ශන පැරිසියේ පැවැත්වෙන ‘ඔලිම්පික් ක්‍රීඩා උළෙල - 2024’ හි මීටර් 400 ඉසව්ව සඳහා නිල වශයෙන් සුදුසුකම් ලැබීය.
ඔහු ‘Road to Paris Games’ ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන විට 51 වන ස්ථානයේ පසු වූ අතර ප්‍රථම කඩඉමේදී තරඟකරුවන් 48 දෙනෙකු පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තෝරාගැනීම හේතුවෙන් එහිදී ඔහුට මෙම අවස්ථාව මඟහැරිණි. එම හේතුවෙන් කිසියම් තරඟකරුවෙකු ඉවත්වීමෙන් හෝ ආබාධයන්ට ලක්වීමෙන් ඔහුට මෙම අවස්ථාව නැවත හිමිවන තෙක් ඔහු නොඉවසිල්ලෙන් බලා සිටි අතර අවසානයේ ඔහුට එම අවස්ථාව හිමිව ඇත. ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට ලෝක මළල ක්‍රීඩා අංශය වෙතින් විද්‍යුත් තැපෑල මඟින් ඔහු තෝරාගත් බව පණිවිඩයක් ලැබී තිබිණි.