Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2024 14:27:58 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර වෙතින් අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් වැඩමුළුවක්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත පිරිසක් විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර දී 2024 ජූලි මස 2 සහ 3 දෙදින තුළ අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් (MISO) පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්. ඩබ්ලිව්. එම්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය. නීති සේවා, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත හා අග්නිදිග ආසියාව, ඉන්දුනීසියාව සහ නැගෙනහිර ටිමෝරය සන්නද්ධ හමුදාවන්හී නියෝජිත බ්‍රිගේඩියර් ජෙනරල් (විශ්‍රාමික) ලොයිඩ් ගිලට් (Brigadier General (Retired) Lloyd Gillett) සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත හා සන්නද්ධ හා ආරක්‍ෂක වැඩසටහන් උපදේශක එල්.සී චන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 45 දෙනෙකු සහභාගී වූහ.