05th July 2024 14:29:07 Hours
141 පාබල බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය. සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, 2024 ජුනි මස 29 දින සුහඳ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමෙන් අනතුරුව 2024 ජූලි මස 01 දින දානමය පිංකමක් පැවැත්විනි. එම අවස්ථාවෙන් පසු ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මුර කුටිය විවෘත කෙරිණි.
සංවත්සර දිනය යෙදී තිබූ 2024 ජුලි මස 02 දින එම බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපති කර්නල් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී බලසේනා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා සහභාගී විය. පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ බලසේනාධිපතිතුමන් යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.