04th July 2024 21:52:54 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම රෙජිමේන්තු නිලධාරීන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නිලධාරී පුහුණු දිනය සහ ‘Diners’ Club’ වැඩමුළුව 2024 ජුනි මස 26 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු පුහුණු දිනයට සමගාමීව පැවැත්වෙන සරඹ පුහුණුවෙන් අනතුරුව, වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය ක්‍රිෂාල් ලක්‍ෂිත මහතා විසින් ‘Lifestyle Modification’ මැයෙන් දේශනයක් සහ ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක කේ.ඒ.එච්.එස්. අමරසිරි මහතා විසින් ශ්‍රී ලංකාවේ මාර්ග නීති පිළිබඳ දේශනයක් පැවැත්වීය.
එදින සන්ද්‍යාවේ පැවති ‘Diners’ Club’ වැඩමුළුවේදී ජනාධිපති නීතීඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා විසින් ‘The Bridge between Military and People’තේමාව ඔස්සේ දේශනයක් පවත්වන ලදී. මෙම දේශනයේදී නිලධාරීන්ගේ ඉදිරි සැලසුම් පිළිබඳ සුහඳ සාකච්ඡාවක නිරත වීමට ද අවස්ථාව සැලසිණි.