04th July 2024 21:34:56 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරී භාරගත් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත යුද්ධ හමුදා ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජුනි මස 28 දින පැවැත්විණි.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව, එතුමන් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය සහ පරම වික්‍රම විභූෂණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.
භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
පසුව එතුමන් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.