Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2024 21:54:23 Hours

නව නියෝජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර රාජකාරි අරඹයි

මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි මස 28 දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ආගමික වතාවත් මධ්‍යෙය් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. පසුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සම්මන්ත්‍රණ ශාලාවේදී එතුමන් වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් සිදුකරන ලබන රාජකාරීන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශය පිලිබදව දැනුවත් කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී නව නියෝජ්‍ය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත සිය සුබපැතුම් එක්කළහ.