Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2024 21:54:10 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, 59 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 01 දින 59 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හී නිල සංචාරයක නිරත විය.

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරීන් විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පවත්වන ලදී. අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි පුහුණුව සහ විනය තුළින් යුද්ධ හමුදාවේ ප්‍රමිතීන් ආරක්‍ෂා කරගනිමින් සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. පසුව, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංක මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් විසින් එම සේනාංකයේ කාර්යභාරයන් පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව, එතුමන් 591 සහ 593 පාබල බලසේනාවන්හී නිල සංචාරයක නිරතවිය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.