Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2024 21:42:27 Hours

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී, සිය ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී 2024 ජූනි මස 24 දින රාජකාරි භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගත්තේය. අනතුරුව, එතුමන් මහා සංඝරත්නය උදෙසා පිරිකර සහ ගිලන්පස පූජා කළේය.

මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම වශයෙන් රාජකාරි හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.