Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2024 21:54:14 Hours

දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූ නිධානෝත්සවයේ සම්බන්ධීකරණ සාකච්ඡාවට යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

දීඝවාපිය චෛත්‍යයේ නිධන් වස්තු හා සර්වඥ ධාතූන් වහන්සේලා තැම්පත් කිරීමේ මංගල්‍යයේ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් 2024 ජූනි මස 24 දින පවත්වන ලදී.

සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් පිළිගැනීමේ කතාව පවත්වමින් මෙම උත්සවයේ මූලික අරමුණු පිළිබඳව අදහස් දැක්වූයේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී, උත්සවයේ කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ධාතු මන්දිරය සහ විහාර මන්දිරය විවෘත කිරීම, පූජනීය වස්තු තැන්පත් කිරීම, පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා නවාතැන් පහසුකම් සහ දාන ශාලාවක් ලබාදීම, විදුලිය හා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, පරිපාලන කටයුතු විධිමත්ව සිදුකිරීම සහ ආරාධිත අමුත්තන්ගේ සහ බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් ආදී වැදගත් ක්ෂේත්‍රයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා සිදුකරන ලදී.

සාකච්ඡාව අවසානයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කර, බැතිමතුන් වෙනුවෙන් දන්සලක් ආරම්භ කර ආහාර ලබාදීමට ද අවශ්‍ය කටයුතු සිදුකෙරිණි.