23rd June 2024 09:59:09 Hours
සඳ හිරු සෑය පොසොන් කලාපය 2024 ආලෝකමත් කිරීමේ උත්සවය 2024 ජුනි මස 21 දින සන්ද්‍යවේ දී පැවැත්විනි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පැමිණීමේන් අනතුරුව, අනුරාධපුරයේ බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් සංවිධානය කරන ලද බත් දන්සල විවෘත කිරීමත් සමඟ උත්සව කටයුතු ආරම්භ විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් සහ සම්භාවනීය අමුත්තන් "සලපතල මළුව" නැඟෙනහිර දොරටුවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගනිමින් මල් සහ අෂ්ඨ පාන පූජාවක් සිදුකළේය.
ඉන්පසු භක්ති ගීත නාදයන් මද්‍යයේ බෞද්ධ ආගමික හා සංස්කෘතික ප්‍රදර්ශනයන්ගෙන් සමන්විත සඳ හිරු සෑය පොසොන් කලාපයේ ඉදිකරන ලද තොරණ ආලෝකමත් කිරීම සිදුවිය. පොසොන් කලාපය සඳහා සපැමිණි සීයළුම සම්භාවනීය අමුත්තන් එම අවස්ථාවට සහභාගි විය. තොරණ ආලෝකමත් කිරීම සංකේතවත් කරමින් චාරිත්‍රානුකූලව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විය.
අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනිකුත් සම්භාවනීය අමුත්තන් විසින් 'වංකගිරිය' විවෘත කිරිමෙන් පසු ඔවුන් 'වංකගිරිය' දැක බලා ගැනීමට සංචාරයක නිරත විය.
මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, දිසාපතිවරුන් සහ ප්‍රදේශයේ බැතිමතුන් සහභාගි විය.