Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2024 11:48:34 Hours

"සඳ හිරු සෑය පොසොන් කලාපය 2024 "සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව සමඟින් එක්ව අනුරාධපුර සඳ හිරු සෑයේදී සංවිධානය කරන ලද “සඳ හිරු සෑය පොසොන් කලාපය” විවෘත කිරීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමගින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය 2024 ජුනි මස 21 දින උදෑසන සහභාගී විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් සහභාගී විය. දීඝවාපිය චෛත්‍යයට තැන්පත් කිරීමට නියමිත බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු වාහන්සේ තැන්පත් කරඬුව වැඩම කරවීමෙන් අනතුරුව පොසොන් කලාපයේ වැඩකටයුතු ආරම්භ විය.එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව මහජන ගෞරවය සඳහා බුදුමැදුරේ තැන්පත් කළේය.

එම අවස්ථාවට සපැමිණි සම්භාවනීය අමුත්තන් නැගෙනහිර පිවිසුම් දොරටුවේ තැන්පත් ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මල් පූජා කිරීමේන් අනතුරුව, චාරිත්‍රානුකූල ශබ්ද පූජාවක් ද පැවැත් වීය. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තඹුත්තේගම රෝහලවෙත රුධිර කාන්දුපෙරණ යන්ත්‍රයක් ද පරිත්‍යාග කළේය

මහා සංඝරත්නය විසින් අනුශාසන දේශනාවක් පැවැත්වීමේන් පසු පැමිණි සිටි සියළු බැතිමතුන් ආශිර්වාදය කරන ලදී. ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි විසින් සංවිධානය කරන ලද දන්සල විවෘත කිරීමෙන් අනතුරුව දවසේ වැඩකටයුතු නිමාවට පත්විය.

මෙම අවස්ථාවට පූජ්‍ය පක්ෂය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, දිසාපතිවරුන් සහ ප්‍රදේශයේ බැතිමතුන් සහභාගී වූහ.