20th June 2024 16:10:06 Hours
යුද්ධ හමුදාවේ 64 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත බ්‍රහස්පතින්දා (20) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ ගේ සුරතින් පත්වීම් ලිපිය භාරගනු ලැබීය. මීට ප්‍රථම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි හොබවනු ලැබීය.
මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1969 සැප්තැම්බර් මස 16 දින උපත ලැබූ මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිප් සතර හැදෑරීය. වර්ෂ 1988 ජූලි මස 26 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 31 සාර්ථකව හැදෑරීය. ඉන් අනතුරුව, එතුමන් ඉන්දීය යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික හමුදා පුහුණුව ලැබීය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. වසර 35 කට අධික සිය වෘත්තීය දිවිය පුරාවට අණ, මාණ්ඩලික හා උපදේශන ධූරයන් රැසක් හොබවා ඇති එතුමන් අත්දැකීම් සහ නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය වෘත්තීමය දිවියේ මුල් අවදියේදි ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, නිලධාරී අණදෙන සහ දෙවන අණදෙන නිලධාරි වැනි බලඇණි මට්ටමේ සියලුම ධුරයන් හොබවා ඇති අතර 4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද එතුමන් විසින් හොබවනු ලැබීය. එමෙන්ම, 571 සහ 553 පාබල බලසේනාවන්හී බලසේනාධිපති මෙන්ම 58 සහ 11 පාබල සේනාංකවන්හී සේනාංකාධිපති ධූරයන් ද එතුමන් විසින් හොබවා ඇත. එතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, කණ්ඩායම් භාර නිලධාරි, විධායක අධිකාරි, ප්‍රධාන උපදේශක සහ කෙඩෙට් නිලධාරි අංශයේ අණදෙන නිලධාරි ධූරයන් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් සමඟින් ද සිය දැනුම හා ප්‍රවීණත්වය බෙදාගනු ලැබීය. මීට අමතරව, පාබල පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ තරුණ නිලධාරී පාඨමාලා සම්බන්ධීකාරක ධූරය හෙබවූ එතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරය ද හොබවා ඇත.
වෘත්තීමය දිවියේ වැදගත්කම පෙන්නුම් කරමින් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අධ්‍යයන හා වෘත්තීය වටිනාකමක් සහිත තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරී ප්‍රවාහන කළමනාකරණ පාඨමාලාව සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ පාබල බලඇණි අණදෙන වැඩසටහන - චීනය වැනි දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇත.
මානුෂීය මෙහෙයුමේදී සිය රණකාමීත්වය සහ නිර්භීතකම පෙන්නුම් කළ එතුමන් රණ වික්‍රම පදක්කම සහ රණශූර පදක්කමෙන් ද පිදුම් ලබා ඇත. එතුමන් චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වේ. එමෙන්ම, කැලණිය විශ්වවිද්‍යාලය තුළින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද එතුමන් ලබාගෙන ඇත.
තුෂාරා යටිවාවල මහත්මිය සමඟ විවාහ වීසිටින මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණන් වේ