20th June 2024 12:49:34 Hours
මාතලේ, කොටුවේගෙදර සුධර්මෝධය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ විහාර මන්දිරය2024 ජුනි මස19 දිනයුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ අනුරුද්ධ අරණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමිපාණන් විසින් විවෘත කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කොටුවේගෙදර සුධර්මෝධය විහාරස්ථානයේවිහාරාධිපති පූජ්‍යමහල්කොටුවේවිමලධම්මාභිධාන හිමිපාණන් ප්‍රමුඛ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ දායක සභාවේ සාමාජිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපතිතුමන් අභිනවයෙන් ඉදිකළවිහාර මන්දිරයවෙත කැටුව ගියහ. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර නව විහාර මන්දිරය විවෘත කරනු ලැබීය.
මෙම උත්සවයට සමගාමීව, පූජ්‍ය ඉලුක්කුඹුරේ ශාසනාරතන හිමිපාණන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ගේ සුරතින් ඉදිකිරීමට යෝජිතනව ‘බෝධි ප්‍රාකාරය’ සඳහා මුල්ගල තැබූහ.සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන හිමිපාණන්ගේප්‍රධානත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය ආරම්භ කෙරිණි. මෙම පුණ්‍යෝත්සවය සඳහා සහභාගී වූ බැතිමතුන්පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව කොටුවේගෙදර සුධර්මෝධය විහාරස්ථානයේ විහාරාධිපතිපූජ්‍ය මහල්කොටුවේ විමලධම්මාභිධාන හිමිපාණන් විසින් පිළිගැනීමේ කථාව පවත්වා විශේෂ අනුශාසනාවක් ද පැවැත්වීය.
යුද්ධ හමුදාධිපතිතුමන් සම්භාවනීය අමුත්තන් ආමන්‍ත්‍රණය කිරීමෙන් අනතුරුව නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් අයවළුන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ කොටුවේගෙදර සුධර්මෝධය විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
මෙම පුණ්‍ය උත්සවය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.ඩී. දිසානායක මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්සහබැතිමතුන් පිරිසක් සහභාගී වූහ.