Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2024 18:17:11 Hours

11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මූලිකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 14 දින නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ළමුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන එම පෙර පාසලේ ළමුන්ට අමතක නොවන දිනයක් විය.