16th June 2024 18:20:45 Hours
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ජුනි මස 14 දින 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් වයි.ඩී.එන්. ද සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විසින් සංචාරයේ නිරත රෙජිමේන්තු අධිපතිතුමන් එම එ්කක මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, රෙජිමේන්තු අධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් විනය පවත්වාගැනීම, රැකියාවේ සුරක්‍ෂිතභාවය, පුද්ගල ආරක්‍ෂණ රෙගුලාසි, මත්පැන්/මත්ද්‍රව්‍ය භාවිතය, වැටුප් කළමනාකරණය සහ වෘත්තීය නිපුණත්වය තුළින් සාර්ථක සොල්දාදුවෙකු නිර්මාණය කිරීම යන කරුණු පිළිබඳ භටපිරිස් දැනුවත් කළේය.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ එම ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු සහ භටපිරිස්හී සුභසාධනය සඳහා අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශයන් ද එම බලඇණියේ නිලධාරීන් වෙත ලබාදුන්නේය.