16th June 2024 18:19:50 Hours
6 ශ්‍රී ලංකා සංඥා බලකාය තොරතුරු තාක්‍ෂණ ඒකකයක් ලෙස 2014 ජුනි මස 16 දින ප්‍රතිස්ථාපනය වීමෙන් අනතුරුව එම ඒකකයේ 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 ජුනි මස 13 දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
යුද්ධ හමුදා භටපිරිස් 100 කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ දායකත්වය ද හිමිවිය.