16th June 2024 18:25:55 Hours
උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ජුනි මස 12 දින පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී එම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම රෙජිමේන්තූ සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළේය.
මෙම උත්සවය අතරතුරදී, සමූහ ඡායාරූප ගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු දේශන ශාලාවේදී භටපිරිස් ඇමතීම ද සිදුකෙරිණි. උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන්ගේ 36 වසරක හමුදා දිවිය තුළදී එතුමන් වෙත සහයෝගය දැක්වූ විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාව පුදකළේය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.