Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2024 14:45:47 Hours

3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් අළුත්වැඩියා කළ ට්‍රැක්ටර් රථ නැවත ධාවනයට

3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ පැවති ට්‍රැක්ටර් රථ 10 ක් අළුත්වැඩියා කර 2024 මැයි මස 27 දින එම ට්‍රැක්ටර් රථ නැවත ධාවනය සඳහා භාරදෙනු ලැබීය.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ. ආරියසේන ගේ මඟපෙන්වීම සහ 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි මේජර් ජේ.ආර්. කුලසිරි පීඑස්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.