13th June 2024 16:54:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 22 සිට ජූනි මස 03 දින දක්වා පැවැත්වූ ‘මූලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 22’ සහ මැයි මස 13 සිට ජූනි මස 03 දින දක්වා පැවැත්වූ ‘උසස් ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලා අංක - 05’ හි සමාප්ති උත්සවය ගම්පොල ප්‍රදේශයේ පිහිටි එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2024 ජුනි මස 03 දින පැවැත්විණි.
මූලික ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 22 සඳහා නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 152 දෙනෙකු සහභාගී වූ අතර කුසලතා අනුපිළිවෙලින් එම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් එච්.කේ.එච්.ඩී.ටී.ජී. කුරුකුලදිත්ත වෙත පිරිනමනු ලැබීය.
එමෙන්ම, සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උසස් ජීවිතාරක්‍ෂක පුහුණු පාඨමාලාවේ කුසලතා අනුපිළිවෙලින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙ/113085 රෝහක සෙබල වී.පී.කේ.එන්. පතිරණ සමත්විය. පාඨමාලාවන්හී සමාප්ති දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ. රත්නායක විසින් සිදුකරන ලදී.