Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2024 14:50:57 Hours

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය, පලාලි යුද්ධ හමුදා මූලික රෝහලේ සංචාරයක

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පී. විතානගේ 2024 ජුනි මස 10 දින පලාලි ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලික රෝහල වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

සංචාරයේ නිරත ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය එම රෝහලේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ඒ.එන්.සී. විජේසිංහ විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

බ්‍රිගේඩියර් පී. විතානගේ රෝහල් පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය. පසුව, එතුමන් එම රෝහල් වාට්ටුවල ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් භටපිරිස් ආමන්ත්‍රණය කළ ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය යුද්ධ හමුදා සාමාජිකයින්ගේ යහපත් සෞඛ්‍යය තත්ත්වයන් පවත්වාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.