15th June 2024 08:11:43 Hours
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 20 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 ජූනි මස 12 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ රටට ආශිර්වාද එක්කිරීමේ අරමුණින් බෝධි පූජා පිංකමක් පැවැත්විණි.
සැමරුම් උත්සව අවස්ථාව සඳහා සපැමිණි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ. හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. එම පුහුණු ආයතනයේ 20 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් සේනාවිධායකතුමන්ගේ සුරතින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිලයන් එම කඳවුරු පරිශ්‍රයේ තේ පැළ රෝපණය කළහ.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායකතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.