Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2024 08:36:30 Hours

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක

යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී 2024 ජූනි මස 11 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිල සංචාරයක නිරත වූහ.

මූලස්ථානය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය.

මෙහිදී පාලන හා භඨකාර්ය සම්පාදක කටයුතු සම්බන්ධ වැදගත් කරුණු සහ ගැටළු පිළිබඳව සාකච්ඡා කරමින් එම කටයුතු හා සම්බන්ධ නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා අදහස් හුවමාරු කරගැනීමක් ද සිදුවිය.

මෙම සංචාරය අගයමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වෙත සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී. මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන්ද තැබීය.

මෙම අවස්ථාවට 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.