Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2024 20:31:00 Hours

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ වෙසෙන ජි.කේ.කේ. ආනන්ද ජයරත්න මහතා වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ජුනි මස 07 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කර නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

2 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ 88 වන ආදිශිෂ්‍ය කණ්ඩායමේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.