08th June 2024 20:20:19 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 ජුනි මස 07 දින 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූයේය.
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිතුමන් එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම ඒකකය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහද අදහස්හුවමාරුවක නිරත වෙමින් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.