08th June 2024 20:24:41 Hours
22 පාබල සේනාංක බලප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් 2024 ජුනි මස 07 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කර නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ප්‍රදානය කරනු ලැබීය.
4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.එම්.වී.එම්.ආර්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදී. රුචිර විතානගේ මහතාගේ මුල්‍යමය දායකත්වය මත ඉදිකළ නව නිවස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ පදිංචිව සිටින එම්.ජි. තිළිණි ටානියා දිල්ෂානි මහත්මිය වෙත පවරාදෙන ලදී.
මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.